රෝද හතරේ මාලිගාව - roda hathare maligawa | Asanka Priyamantha

රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

ඇතුළ නුවරඑළිය වගේ
පිටතින් කළු වලා නැගේ
බාගෙට සිංහල බාගෙට ඉංගිරිසිය මරණ ර‍ඟේ
ඉංගිරිසිය මරන රගේ

රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

රන් පොට මල් දිලිසෙනවා
නා දළු සේ බැබළෙනවා
චීස් බටර්වලින් තැනූ දෙව් රූපය ඇවිඳිනවා
දෙව් රූපය ඇවිදිනවා
Previous Next

نموذج الاتصال