අසලියා - Asaliya | Gigishan

මේ සැණකෙළියේ නුඹ රඟන විරාමේ
නෙතු සැලුණු වෙලාවේ
සිත සසල වෙලා
රූ සර වින්ඳේ පෙම් අසුර නුරාවේ
හිත වෙලුණු සිනාවේ
අද උමතු වෙලා

ඉන්ද්‍ර නීල තරු ගෙනාව සේයා
නින්ද නේන රැය පුරාම පායා
යන් ද රෑක මේ අතේ වෙලීලා
අසලියා
මන්දහාස මා සොයාන ආවා
රංගශ්‍රීය ඇය තමාම ඕනා
වර්ණ ගෑවු ජීවිතේම සේයා
අසලියා

පේනා පේනා හීනේ
සේයා ඡායා දෑලේ 
කීවා වාගේ ආලේ ඒ සිනා
වෑහේ යාමේ සීතේ
ආශා සේනා රහසේ
නෑසී යාදෝ ආයේ ඒ කතා

සීතල නිල්ලේ තුරු මඩුලු සදැල්ලේ
සඳ නිදන ඇසිල්ලේ
නුඹ තුරුළෙ හොවා
නෑ ලතැවිල්ලේ නුඹ ළඟ සැනසිල්ලේ
ඔය පෙම් හසරැල්ලේ
හඬ නිහඬ කළා
Previous Next

نموذج الاتصال