විරහවේ ගිනිමතින් දැවුනාවේ
පියාපත් ඔබේ සෙනේහේ
චිතකයේ අලුමතින් හැමුවා වේ
කුනාටු මේ සුසුමේ
රූ සිතුවම්
යයි බොදවී
දුක වැතිරී
නෙත් දැහැලේ
හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ
සදා ආකහේ
යලි නොඑන් පායලා රෑ
ඒ රුව මවා ඔය රැසින්
වැහිලිහිනේ ඔබ ගයන් පාලු ගීතේ
ඇය නෑ ඉතින් මා ලගින්
ගංගාවේ නෑ ගලන්නේ
නෑ වසන්තේ ආයේ එන්නෙ
ඒ සිනා නෑසෙනා නිසා
හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ
අදටත් රැයේ ඇස්පියන් අවදි වීලා
නුඹ හොයනවා හුරු සුවදකින්
කවදාක හෝ සිහිවෙලා එන්න ආයේ
තවමත් මෙගේ හිත නුබටමයි
වස්සානේ සිහිල වියැකී
ගිම්හානේ ගින්න ඇවිලී
දවයි මේ හැගුම් හදේ
හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ
