සිහිවටන පිරි | Sihiwatana Piri Mathaka - Kamani Lasanthika

සිහිවටන පිරි 

මතක අතරේ 

රැඳි රැඳී ඔබ තැවි තැවී..

ඉනු එපා සබඳේ...

දුරයි දැන් මම්

හැරෙනු නම් නොහැකී


මගේ මත්තේ 

නිවී සැනහෙන

හිත් දෙකක නෙත් වලින් ලොව දකිමී

ප්‍රථම ප්‍රේමය අතීතෙම වළදා..

රැඳෙන්නෙමි යුතුකමකි පෙම මුදමී...


 අපට අප හිමි 

නැතුව වෙන්නැති

දෙදෙන දෙතැනක යාව බෝ කල් වී

කුමට ආපසු හැරී සිත් පාරා

සදා ඉන්නම් අහිමි මුල් පෙම වී



Previous Next

نموذج الاتصال