සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ
පතිනියගේ සුවඳ ඔබෙ සුවඳ නොවේ
දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ
උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ
සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරද
ගඳපාන මලක් වුව සුවඳ බව දන්නවද
තුන්පතේ රෑනකට පියසමර කුමකටද
හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද
රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ
ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ
මරණීය රමණීය ශෘංගාර මදහාසෙ
වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ
නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට
අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට
මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට
වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට