එක දෙක තුන මේක තමයි ඇරඹුම..
එක දෙක තුන මේක තමයි හැරවුම..
එක දෙක තුන බලාගනින් හැඩ රුව..
කැප වීමෙන් තමයි මං ආවේ මේ දුර..
කැප වීමෙන්.. කළ යුතු දේ කරයි කැප වීමෙන්..
අවදිය කරා යයි පැවතීමෙන්..
හරි දේ ද දැනගනියි වැරදී මෙන්..
සැනසීමෙන් සිටියැකි බොරුවෙනුත් ගැලවීමෙන්..
එදා තිබූ විලංගු මං අද ලිහලා..
ජිවත් වෙන්නේ මගේ හීනේ මම දිනලා..
ඇරඹුම ඇත කොළයක ලියලා..
දැන් හඳුන්වලා දෙන්න ඔන්නෑ නම කියලා..
අහයි විශ්වයෙන් පැන නොදනී නම්..
කුමක් හෝ දෙයක් සොයමින් මං..
ආත්මයෙන් සැරි සරයි තරු පීරන්..
ඇත්ත ලෙස ගන්නේ කෙලෙසද ඇත්තයි කීවත්..
අද මං ඉන්ද්‍රකීලයක් සේ නොසෙලේ මං..
ඇතුලින් දකිනෙම් කව්රු දෝ මං..
අභිප්‍රායන් කරා යයි මං තෝරන්
මගේ මයි මේ මොහොතත්..
එක දෙක තුන මේක තමයි ඇරඹුම..
එක දෙක තුන මේක තමයි හැරවුම..
එක දෙක තුන බලාගනින් හැඩ රුව..
කැප වීමෙන් තමයි මං ආවේ මේ දුර..
මගේ හීන ලොකුයි මට වඩා..
ගන්නෙපා මා වරදවා..
ඉලක්කයන් කරා ඇදෙයි හැමදේම පසෙකලා..
හරි දේ මං වැඩි කලා..
වැරදි දේ අඩු කලා..
එදා පටන් හීන කරා උනන්දුවෙන් වැඩ කරා..
හර කලා, බැර කලා..
ඒකයි ඉන්නේ පැවතිලා..
නෑ මං නැවතිලා.. නෑ මං පැරදිලා..
නැති දේවල් ගැන කියන් නෑ නෑ මං හැරවිලා..
විශ්වයෙන් කියයි මගේ පාර මම වැරදිනම්..
අහ්.. ලියයි මගේ දෛයිවයත් පොතේ පෑනකින්..
මුළු ලෝකෙම දිනයි එක රෑයකින්..
මමත් ගැලවුන එකෙක් තනි රෑනකින්..
ඒකයි ඉගිල්ලෙන්නේ කාටත් උඩින් මම මැනවින්..
ආවා මං මාවත් දාහකින් වැරදුණු..
තරණය කරන් සාගර කැළඹුනු..
නෙවෙයි එකෙක් බොරු මානෙක පැටලුනු..
තවත් එකෙක් තමයි මේක හරවන..
එක දෙක තුන මේක තමයි ඇරඹුම..
එක දෙක තුන මේක තමයි හැරවුම..
එක දෙක තුන බලාගනින් හැඩ රුව..
කැප වීමෙන් තමයි මං ආවේ මේ දුර..