කියාදුන් ප්‍රේමය | Kiyadun Premaya - Sathira G Samarakoon

මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්‍රේමය

කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව

පොඳ වැස්සක් වැටුනාම

අපි තව ළං වෙනවාද

එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!

කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට

නුබට තුරුලුවූ විටදි දැනුනා සීතල

සදක් නොව නුබ ඉරක් වූවා මා හට

ඇත්තටම නුබයි දන්නේ මා ගැන

පොඳ වැස්සක් වැටුනාම

අපි තව ළං වෙනවාද

එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!

අදුරු නිම්නෙක එලිය වූවා නුබ මට

රිදුනු පපුවට සැනසුමක් නුබේ උණුහුම

මලක් නොව නුබ ගසක් වූවා දළුලන

ඇත්තම හරි ආදරෙන් ඉමි නුබ ළඟ

පොඳ වැස්සක් වැටුනාම

අපි තව ළං වෙනවාද

එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!

Previous Next

نموذج الاتصال