පුංචි හැඩකාරියේ
යෞවනේ දොර ඉන්න මගේ දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
පුංචි හැඩකාරියේ....
කව්ද පාර දිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩවී වැට ලඟම ඇයිද දුවේ... //
අසා ඒගැන සිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු දුවේ
පුංචි හැඩකාරියේ.....
හැමදාම නුඹව මට පුංචියි දුවේ
තාත්තයි මම නුඹගේ මුරකරු නොවේ... //
නොකියා මට නුඹ උන්ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේ
පුංචි හැඩකාරියේ....