අනේ මහත්තයො අරගෙන ආවට දානේ - ane mahaththayo aragena | Asanka Priyamantha

අනේ මහත්තයො අරගෙන ආවට දානේ
පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියානම් ඔබ වාගේ
මොනවා නොලැබුණත් කමක් නෑ මතු ආයේ.....

පුතයි දුවයි දෑතේ එල්ලිලා එනකොට
සෙලවෙනවා මහත්තයෝ අපෙ කඳුලු කැට
අපෙයි කියන්නට අම්මෙක් අප්පෙක් නැතිව
විඳින්න සතුටක් කොයින්ද පුතෙකුගෙ හිතට....

අනාථ නිවසේ පිවිසුම් දොරටුව ළඟට 
ගිහින් යවනවා ඇස් දෙක බලන්න දුරට
අම්ම තාත්තා කියලා කියන්න රටට 
කිසිම කෙනෙක් ආවෙ නෑ බලන්න අපිව...

අනේ මහත්තයො....
Previous Next

نموذج الاتصال