වන අරණේ නා දළු සෙවණේ
සිසිළයි සුළඟේ කුසුමන් සුවදේ
සසල සිතක දිවිය ක ගිම් නිවුනේ
මුණිඳු පුතකු දැහැන ක සමවැදුනේ
දිවි පියසේ කෙළි ලොල් පහසේ
තුරුණු පැතුම් මැව්වද පෙර දවසේ
සුවය සොයා කතරේ යන ගමනේ
වෙහෙස දැනේ නොසැහේ ඉම නොපෙනේ
නිසර වනේ නිමල සුවේ
දුටු ද කියන් සමිඳේ
විරි වැඩුනා උඩු ගං බැළුණා
ගොහොරු මඩේ සුදු නෙළුමක් පිපුනා
අම්බලමේ කැණිමඬලක් බැඳිලා
පින්තාලියේ පැන් මදි තව පිරිලා
අදුර මුදා එළිය උදා
වෙයි ද කියන් සමිඳේ
වන අරණේ