ආපසු ඔබගේ ආදරයෙන්
කොහොමද හිත රිද්දන්නේ
නැති වූ දේවල් ගැන දුක නෑ
හිස් අහසේ පාවෙන්නේ
දුෂ්කර කාලය අවසානයි
මා මිය ගොස් ඇති බව සත්තයි
මගේ හිත දැන් හරි නිශ්ෂබ්දයි
ඔබ නොදකින මා ඔබ ළගමයි
ආදරයේ යාගයි මා දන්නේ එක දෙයයි //
සිහින හරි ලස්සනයි
ගමන හරි දුෂ්කරයි
ආ මග මා ආයේ බරයි
ඈතක මා තනිවමයි
ආදරයේ යාගයි මා දන්නේ එක දෙයයි //
යළි මා නොයෙනා බව දන්නවා නේදෝ ඔයා
නොසිතනු මා ගැන මතුදාකදි මතකේ නිසා
කාලය මා රහසේ ගෙවා
ආලය මා පා කළා
ආදරයේ යාගයි මා දන්නේ එක දෙයයි //
