මා සඟවා | Ma Sangawa - Mihindu Ariyaratne

මා සඟවා උන් කඳුළු අරන්

නුඹ දුර ඈතකට ගිහින්

මහ වරුසාවක් මැව්වා

ලෝකය ඒ ගැන දෙඩුවා

ප්‍රේමයෙ හැඩ රුව බැලුවා


කඩා වැටුණු කඳු වැටි ලඟ

ගිලී ගියේ සෙනෙහසමද

සැලී බිඳුනු වැව් බැමි යට

සිඳී ගියේ ආදරයද

කියා ගන්න ගහකොලවත් නෑ

නුඹ ඉහල අහස නතු කර සිටියා


වලා වියන කළු කරගෙන

පලා ඇවිත් අසනි විලස

පෙලා තලා පෙම්වත් සිත

සිනාසුනේ ඇයි නුඹ මට

පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ

නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා

Previous Next

نموذج الاتصال