චන්ද්‍ර මණ්ඩලේ | Chandramandale - Abhisheka Wimalaweera

චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ

ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ

මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ

පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ


පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ

ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ

කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ

ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ


ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ

ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ

කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ

මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ

Previous Next

نموذج الاتصال