Nona - Yaka Crew

කාරි නෑ මට කාලෙ ඕනෙද

හාදකම් නවතාලා

කාරණාවට තාම කෝළද

පාර නම් එළිවීලා

ජාති ජාතිත් ප්‍රේමයෙන් මං

ආවනම් ඉවසාලා

නාරි ලීලෙන් පාද තියපං

භාරගන්නම් නෝනා



රජකම් එපා

නුබ හිමි නම් සදා

හිස මුදුනෙන් තබා

මගෙ කිරුළයි ඔයා



ඒරොප්පෙන් ගෙනා

බෝනික්කන් එපා

සුරලෝකෙන් මවා

දුන් ප්‍රාණේ ඔයා



තානාත් තනත් තම් දනත්තනම් හෙයි

තානාත් තනත් තම් දනාත්ත දනාත්ත



තානාත් තනත් තම් දනත්තනම් හෙයි

තානාත් තනත් තම් දනාත්ත දනාත්ත



සාමදානෙට තෑගි භෝගද

කප්පරක් පුරවාලා

වාස දේසෙට වරිගෙ සේරම

එක්ක එන්නම් මාහා

ඊට කලියෙන් වචනෙ දීපං

මා දුකින් මුදවාලා

නාඩගං හොදටෝම ඇති දැං

පාලු මකපං නෝනා



රජකම් එපා

නුබ හිමි නම් සදා

හිස මුදුනෙන් තබා

මගෙ කිරුළයි ඔයා



ඒරොප්පෙන් ගෙනා

බෝනික්කන් එපා

සුරලෝකෙන් මවා

දුන් ප්‍රාණේ ඔයා
Previous Next

نموذج الاتصال