සොඳුරේ - Sondure | Keerthi Pasquel

මා මත් කරනා කෝල සිනා
මා හා රහසේ හාද වෙලා
මහද ඝනඳුර මකාලන සඳ
ඔයා දෝ සිතුණා
වසන්තයෙ මල් සුවඳ මට දැණුනා

රෑ පුරාවට නොනිදි දෑසට හීන අතුරාලා
යහන් තලයම පවන් රොදකින්
ඔහේ පා කරලා
හුස්මේ පවා ඉන්නේ ඔයා හසඟනී
සසරෙම පුරා ආවද ඔයා මා සොයා
සොඳුරේ ඔබ මගේ වී මට හොරෙන්
රහසේ ඉන්නට හිතයි ආදරෙන්

මෙමට අවනත නොවන මගෙ හිත
බොහෝ දුර ඇදිලා
ඇස් පියන් හැර බලන හැමතැන
ඔයාවම මැවිලා
කවුදෝ ඔයා කොහෙදෝ කියා
තවම නෑ දන්නේ
ඉගිලී සොයා යන්නට හිතයි
අහසේ

මා මත් කරනා කෝල සිනා
Previous Next

نموذج الاتصال