Wassa (Yanthamata Wage) | වැස්ස (යන්තමට වගෙ) Api Machan Ft Nilantha Siri Pathirana

යන්තමට වගෙ නුඹව.. නොතෙමන්න ඉඩ තිබුන.. කුඩේ ඉහලන් එදා....

රතු පාට මල් වැටුන... 

ලං වෙලා සීතේම... වැස්සේම දුර ඇදුන..

මතකයි ද ඒ දවස... හොඳටෝම අපි තෙමුන..


නොතෙමෙන්න ඔය ගවුම පුංචි පියවර තියා..

ඒ කුඩේ මිට දිගේ... 

ඇඟිලි එක පිට ගියා...

බලද්දිම මං දෙනෙත...

බිම බලන් හිනැහිලා.

තාම මතකයි නුඹව...

උන්නු හැටි ගොළුවෙලා.


අදත් පොද වැටෙනවා...

තෙමෙන්නෙත් නැති තරම...

ඔය කුඩේ ඉඩ ඉතින්... 

දැන් මට නොවෙයි උරුම...

ඒ පුරුදු හිනාවෙන්.. හිනාවෙන්නේ කොහොම..

මගෙ හිතේ.. කුඩේටයි මටයි විතරයි පුදුම.. 



Previous Next

نموذج الاتصال