ග්‍රහලෝක සවාරිය | Grahaloka Sawariya - Chanuka Moragoda

 මතකයි තාමත් ඒ කාලේ

වංගුමයි තාමත් මේ පාරේ

මං තමයි දන්නේ දුක් රාළේ

වන්නම් නටන්නම් මා සාදේ

සල්ලාලකම් නෑ මං බාරේ

ශෘන්ගාරයි මං මේ සංසාරේ

සන්තෝසයි හුස්මක් ගත් වාරේ

අම්මා තාත්තාමයි මා ප්‍රාණේ


මේකයි මගෙ ආරේ

මිරිවැඩි සගල කකුලේ දමන් පාරේ

සරලයි මේ ජීවන තාලේ

හිතුනොත් යනවා හදට මගෙ යානේ

සක්වල සංගීත සාජ්ජේ

ප්ලූටො නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ

ග්‍රහලෝක බැහැල හද මාමේ

අත වනනව මම VIP වාගේ

ජඩ වැඩ පඩ වැඩ ඕන් මෙහෙදි බෑ

කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ

පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ

පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ

කොල රතු නිල් වගේ බෙදිලා නෑ

අහස බලන් ඉල්ලන දේවල් නෑ

දෙයියෝ කෝප උනත් වැඩක් නෑ

සල්ලි වට්ටි වලට වැදල දෙන්න තරම් මෝඩ නෑ


මතකයි තාමත්...


හ්ම්ම්ම් හද හාවෙක්//


මචං පිටසක්වල යානේ

අගහරු වෙත මං පියඹන් ආවේ

එහෙ උන් දන්නවා ලංකාවේ

මහ බැංකුව හිස් කල සන්තාපේ

ඉතිහාසෙට කෙල කල ආරේ

රට රැකපු උනුත් වනගතයි යාලේ

විල්පත්තුව කපන් සිංහරාජේ

රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ

ආසයි මං මෙහෙම ඉන්න

මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න

23 ලැබුවට අද වැදිල ඉන්න

ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න..බෝයි


බණ ගෙවල් ටිකායි

මොල ගෙඩි ගොඩායි

ආදරේට සුදු අම්මිලා Boot කාල අඩායි

තව වැඩ ගොඩායි 

එලිසම රසයි මගේ

හදවත හොදයි ඒත් පොඩ්ඩක් වසයි!


මතකයි තාමත්...



Previous Next

نموذج الاتصال