Exට ලියුමක් | Ex ta liyumak - Wild Skatey Ft Bee

 දින ගෙවුනා තනියම හිත් වල

මට ඕන උනෙ ඉන්නද පැත්තක

නැහැ ඇත්තට ඕනෙ මට Chill

ඔයා තව ප්‍රශ්ණද? මම Rap කරෙ ඇත්තට

ඔයා මගෙ ලග ඉද්දි මම සිප ගද්දි ඇති උනා සිද්දි

දැන් දුර ඉද්දි මතකෙට එද්දි

හිත් වෙලා බිත්ති කොහොමද ඉද්දි

තේරෙන්නෑ නෙද හිතේ වේදනා

අරමුණු දෙකක් මැද අපේ චේතනා

ගත්තෙ කෙලින් තීරණ වැරදි වේද මා

අහඹුවක් උන ආදරය නේද මා

කැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙ

හදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙ

අපි කෙටි කාලයයි සුවය වින්දෙ

දැන් ලෝකයා අපි දිහා බලන් ඉන්නෙ

දුක් වෙල ඉන්න එපා ඉද්දි තනියම

ලියුමක් ලිව්වා මං අද කවියක

ඔයා ගැන විස්තර නැහැ හරියට

හෙව්වොත් ආයෙ ඔයා එයි වලියට

මගෙ lifestyle එක කිව්වා එපා

මගෙ ලග ඉද්දි ඔය music එපා

යාලුවො ඉද්දි මට calls නම් එපා

ඔයාව අන්තිමෙ මං කිව්වා එපා

ආදරෙ අන්දයි මං දන්නවා

අපගෙ හිත් පිලිගන්නවා

වැටුනොත් වලට ආදරෙන් නැගිටින එක අමාරුයි දන්නවා

සතුටින් ඉන්නෙ මා දුකෙදි හිනා වෙනා

උනොතින් වැරැද්දක් ආදරෙ අදුරුයි කරපු හැමෝම දන්නවා


හොයනවා උත්තර දැන්

හීනෙක පාවෙලා මං

ගැලපුනෙ නෑ හදවත්

අපි දෙන්නගෙ වෙනස් උනා හැම අදහස්

දැන්නම් මං මගෙම ලෝකෙක

හරි මං ඉන්නෙ දැන් රෝගෙක

තවත් නම් ආදරෙ ඕනෙද?

ජීවිතෙ අරුත ඒකද?

පැතුවෙ ඒකද? ඔයටත් ඕනෙ දැන් ඒකද?

හදවත් රිදුම් දැන් දේවිද?

හිතුවෙ ආයෙත් මං ඒවිද?

ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද?

මතකද හැදුවා මාලිගා – ඇඩුවා මා නිසා

දවසක බලාගෙන මා දිහා – ඉදි මං නෑ කියා

වැඩක් නැහැ දුක් වෙලා

අහිංසකයි නෙද හිනා වෙද්දි

අපි දෙන්නා ලග උනා ගොඩක් සිද්දි

පැටලුන දේවල් ගැන හිනත් යද්දි

දැන් නෑ ඒ කිසි දෙයක් මතක් වෙද්දි

මතක් කරන්න ඕනෙ ඔයා number one

මම ඉන්න ලෝකය වෙනස් මාර fun

අපෙ ලෝක දෙක දම්වැලෙන් අද්දෙ මං

ආදරෙ සමාන දුකටද රන්

මම වගෙ අය නැහැ ඇති වෙනකන්

කිසි දෙයක් වටින්නැහැ නැති වෙනකන්

හැමදෙයක් නැති උනත් අද මට දැන්

මම කැප කරා හැමදෙම ඇති වෙනකන්

ඔලුවට ප්‍රශ්න එද්දි බැහැ කවි ලීම

අවුරුදු කීයක් මැව්වද හීන

ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත

ආදරෙන් මතක් කරා wild skatey මීට



Previous Next

نموذج الاتصال