හීන ගෙනා හිනා ඩිංග මතක් කර කර
නුඹේ නමින් හිත පිපිච්ච සොඳුරු මල් මත
කඳුළු නැගෙන සුසුම් තියා යන්න ගියාට
තාමත් ආදරෙයි නුඹට සත්තකින් මම
මහමෙරකට හදවතින්ම පැතුම් ගොනු කරන්
දන්නවාද නුඹ වෙනුවෙන් මා හිතූ තරම්
ඔය හිමිකම ලබාගන්න නොතිබුණත් වරම්
අමතක වෙන්නැතිම කෙනා නුඹයි රත්තරන්
ඉස්සර වගෙ හිත කිව්වට ඉන්න මග බලන්
රිදුමක් මිස වෙන කිසිවක් නෑ ලැබුවේ මං
ඉඟිබිඟි මට පෑ ඇස් දෙක අද ඉවත අරන්
අහක බලන්නට තරම්ම පිටස්තරද මං