ඉල් මහේ රහසක් | Il Mahe Rahasak - Bimsara Walallawita

ගිම් සඳේ මතක සැමරුම්

මත් මල් මැදින් පාව යයි නම්

ලියැවුනත් අතීතය පමණක්

තටු සිඳු ඇයද සමනළියක්


සැනසුමන් සිහිනයක්

ඇය වුනත් වස්සාන කවියක්

ඉල් මහේ සොඳුරුතම රහසක්


උඳුල සඳ නොයිඳුල් අහස් මැද

රැඳී නිවුනාවේ

ඇයම ආ මග සුසුම් ලතැවුල්

මසිත රැඳුනාවේ


සැනසුමන් සිහිනයක්

ඇය වුනත් නොලී පෙම් කවියක්

ඉල් මහේ සොඳුරුතම රහසක්


පැහැදුනත් හද සනසමින් සිතු

ඔබේ නෙතු දැහැනේ

පාරවයි නුඹ ඇය නමින් මා

පිදූ හිත සිත්සේ


සැනසුමන් සිහිනයක්

ඇය තවත් සොඳුරු ගී පිරිතක්

ඉල් මහේ අමාවක අහසක්



Previous Next

نموذج الاتصال