කොන්ත තරු එළි | Kontha Tharu Eli - Tharindu Damsara

කල්වාරි කදු පාමුල

මග්දලේනා මරියනි

සාංකාමය දෑස් පතුලින් කොන්ත තරුඑළි දැල්වුනි

පින්තාරු කල සිහින නගරයේ

සංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ


නින්නාද දී ඇසෙන කන්තාරු හඩට සන්තාප සුසුමකින් ඇහැරෙමි

හුරු පුරුදු කදුලකින් ඇණ ගැසෙන ප්‍රේමයේ කුරුසයක බර දරා හිනැහෙමී

නන්නාදුනන රැය දිගුවක්‍ ය රාගයේ

පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ

උත්ථානයේ සිහින නොදකිමි


සන්තානයේ නිනද දී ඇසේ නැසෙන ගීතකාම ස්වරය මරියනි

ඇහි පියල්ලක මිදුනු පිනි කදුලු උල්පතක ස්වර්ගීය උණුහුමෙන් පිබිදෙමි

නන්නාදුනන රැය දිගුවක්‍ ය රාගයේ

පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ

උත්ථානයේ සිහින නොදකිමි 



Previous Next

نموذج الاتصال