දුර යන්න අත් අල්ලලා...
හිත දුන්න කාලේ හොඳා..
අහගන්න මට ලංවෙලා..
මගේ ලෝකේ විතරයි ඔයා...
අපි දෙන්න ආ ගිය මගේ....
කටු පදුරු මත මල් පිපේ....
සැරසෙන්න සංසාරියේ....
සැනසෙන්න සංසාරයේ....
අතීතේ වෙන්නේ හොල්මනක්
අවිශ්වාසේ වුනොත් කෙල්ලේ ගොම්මනක්
මන් රූස්ස ගහක් උබ ඒකේ මුලක්
මගේ ජීවීතේ උබයි අගත් මුලත්
උබට විතරක් හිත hi hi
අනෙත් උන්ට ඒක bye bye
මගේ හඳ ඉඳපන් උඹ පාය පාය
අත දීපන් ගන්නම් ආයේ ආයේ
වින්ඳ දුක් උබේ ආලෙන් පෙරලා හාදු කලවමෙන් සතුට මැව්වා
උබට වෙන එවුන් ලන්වෙනවා දැනිලා
බයේ කලබලෙන් පොතේ ලිව්වා
ප්‍රශ්න එද්දි අපේ හිතේ ගින්දරෙන් ලිපේ තියලා උබ කන්න ඉව්වා
කවුරුවත්ම මට නැතිම කාලේ උබ හැමදාමත් ළඟින් ඉන්නම් කිව්වා
මතකයි හැම දේම
අපි ආපු දුර නේද
වැටුනත් හැම වෙලේම
උඹේ හාදු මට වුනා බෙහෙත
අපිට ප්‍රශ්න නෑ කියන තරම්
රණ්ඩු වුණත් අපි ප්‍රශ්න මවන්
ඉන්නෙ නැතුව උඹ දුකෙන් රවන්
අත ගන්න කියපං මගෙ මූණ බලන්
මාගේ අත දැන් අරගන්න...
කාලේ මේකයි හරියනම...
ආවේ මා නම් ගෙනියන්න...
ආයේ ආයේ මගෙ වෙන්න...
මතකයිදෝ ඒ කාලේ දෙන්නා...
ඇති වෙනකම් දුක් වින්දා..
හිටියදෝ කවුරුත් රැඳිලා...
අපි දෙන්න වෙනුවෙන් එදා...
හෙවනැල්ල වගේ එක මත වැටිලා...
මේ වෙනකම් දුර ආවා...
නැලවෙන්න ඉතින් දැන්වත් පිසදා...
කඳුලැල් ඇති වැටුණා...