අනුරාගී ඔබ මගේ හැඩකාරි...
මේ ඇස් ලඟ නැවතුන හිමිකාරි ...
මන්දාරම් මේ රතු හැන්දෑවේ...
අත් අල්ලන් යමු අපි සංසාරී...
ප්‍රේමියේ මා හා බැඳුණේ මුලු හදින්ම ඔබ ලන්වීලා
සරාගී දේහ විලාසයෙන්...
ආදරේ මුලු සංසාරේ ඔබටමයි මා හැම වාරේ...
ස්නේහයේ සොඳුරු නියාමයේ ...
අනුරාගී ඔබ මගෙ හැඩකාරී...
මේ ඇස් ලඟ නැවතුන හිමිකාරී...
මන්දාරම් මේ රතු හැන්දෑවේ...
අත් අල්ලන් යමු අපි සංසාරී ...
ආදරේ මිහිරිම සේයා ඔය නුරා හැඟුමක තියලා
ඔබ ගාව හිනැහෙන්නම් සැමදා...
අනුරාගීයේ ඔබ හා මා ප්‍රේමයේ නිම්ඉම් සොයලා...
මතු දාක සැනසෙන්නම් බැඳිලා...