සිහිනයක් මැව්නා | Sihinayak Mawna - Nuwandhika Senarathne

සිහිනයක් මැව්නා

කාලයක් ගෙව්නා

දෑස් යුග තෙමුනා

ආදරේ දැනුනා


පින්නේ පිනි සුළගේ 

නිල්ලේ නිල් නෙතගේ

රංචු වෙන සුසුමේ

දැනුනු පෙම් හැඟුමේ


මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ

මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ


යහන මත වැතිරී මවන පෙම් සිහිනේ

දැනෙන සුව ඉතිරී හැඟෙන මේ රහසේ

සෙනෙහස ලබන්නයි

හැඟුමන් විඳින්නයි

පතන්නේ මා සදා මේ මිහිතලේ


දැහැන මත ඇතිරී දැනෙන සුව යහනේ

අහස දුර විසිරී මැවන රෑ තරැසේ

සෙනෙහස ලබන්නයි

හැඟුමන් විඳින්නයි

පතන්නේ මා සදා මේ මිහිතලේ



Previous Next

نموذج الاتصال