ගින්න මිහි මත | Ginna Mihimatha - Damith Asanka

ගින්න මිහි මත හිර කරන්

පොළොව මීදුම දෙන තරම්

දන්නවද මගේ රත්තරං

සුසුම් හිත රිදවන තරම්. //


පින්න දෙපයට යට කරන්

ඉන්න තුරු හිස මල් දරන්

දන්නවද මගේ රත්තරං

කඳුළු හංගන හැටි හොරෙන්...


අහස් ගැබ තරු ඇස් ඇරන්

ඉන්නේ මුළු රෑ නිදි වරන්

දන්නවද ඔබ රත්තරං

ඔබව මට සිහි වෙන තරම්...


යන්න දි ඈතට මගෙන්

ඉන්න හැටි හිත තද කරන්

දන්නේ නෑ ඔබ රත්තරං

ආදරේ විඳවන තරම්...



Previous Next

نموذج الاتصال