තිලොවට තිලකවු | Thilowata Thilakawu - Sanuka Wickramasinghe

බුද්ධං සරණං ගච්චාමි

ධම්මං සරණං ගච්චාමි

සංඝං සරණං ගච්චාමි

තිසරණ සරණං ගච්චාමි


තිලොවට තිලකවූ අසමාන සමවූ

සැමදේ දත් මහ වියතාණෝ

මෙත් කරුණා මුදිතා ආකරයකි

ලෝක සිවංකර හිමිපාණෝ


පාරමිතා දම් සපුරා ගනිමින

කෙලෙස් නසා බුදු බව ලද්දේ

මොහඳුර දුරුකර භව ඝනඳුර හැර

දහම් අමා වැසි වැස්වූයේ

දහම් අමා වැසි වැස්වූයේ


තෙමඟුල් දින ඔබ වෙනුවෙන් පේවි

පස් පවු මුලිනුපුටා ලනසේ

අමා නිවන් සැප පතා නමාමී

තිලොවග මුණි පාකමල් පියේ

තිලොවග මුණි පාකමල් පියේ


තිලොවට තිලකවූ අසමාන සමවූ

සැමදේ දත් මහ වියතාණෝ

මෙත් කරුණා මුදිතා ආකරයකි

ලෝක සිවංකර හිමිපාණෝ



Previous Next

نموذج الاتصال