කාලයේ | Kalaye - Senaka Batagoda

හිතාගන්න බැරි දේවල් 

වට කරගෙන හිත 

ඇදිලා යයි ඈතින් ඈතට 

දරාගන්න බැරි දේවල් 

තද කරගෙන හිත කොතරම් කල් 

අපි හිටියද 

ආපසු බැලුවම සිතුවම් යායකි මතකය 

මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය 

කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද 

කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම 

මා නොහඳුනනා මම 

තවකෙකු ගැන මොනවා හිතන්නද තව 

හිතට එකඟවම 

සාගරේ වැලි ගානට 

හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු 

වෙනසක් වූවද 

ආපසු බැලුවම සිතුවම් යායකි මතකය

මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය

කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද 

කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම



Previous Next

نموذج الاتصال