ඔබේ උණුසුම් පපුතුරේ | Obe Unusum Paputhure - Nelu Adhikari

ඔබේ උණුසුම් පපුතුරේ

හිස හොවා ඉන්නද ප්‍රියේ

හිස හොවාගෙන 

නෙතු පියාගෙන

අසන්නද පෙම් ගී හදේ


ඔබත් නොකියූ මමත් නොඇසූ

කතා තිබුණත් හදවතේ

කියාගන්නට බැරිව ලතැවුනු

කතා තිබුණෙම යටිහිතේ

රිදුම් පිරිමැද හදින් පිටවුනු 

සුසුම් පවනේ පාවුනේ

මටත් මා ගැන දුකක් දැනිලද

නෙතින් කඳුළක් ගිලිහුනේ 


පෙමක් සඟවා තබනු කෙලෙසද

නෙතේ ලියැවෙයි හද සෙනේ

හදක් නළවා ලියලනා පෙම

අරුමයක් නොවෙදෝ ලොවේ

බවෙන් බවයේ හමුව වෙන්වුණු 

හිතළුවක් ඇත හිත කොණේ

අපිත් අපෙ වී ඉන්න පතමුද

යලිත් උපදින හැම බවේ


ඔබේ උණුසුම් පපුතුරේ

හිස හොවා ඉන්නද ප්‍රියේ

හිස හොවාගෙන 

නෙතු පියාගෙන

අසන්නද පෙම් ගී හදේ

ඔබේ උණුසුම් පපුතුරේ

හිස හොවා ඉන්නද ප්‍රියේ



Previous Next

نموذج الاتصال