සැප නින්දේ | Sapa Ninde - Windy Goonatillake

සැප නින්දේ මායා බිසව්

සැතපෙන කල මල් යහනේ

සුදට සුදේ ඇත් පැටවෙකු

නෙලුම් මලක් සොඬින් දරන්

තුන් රවුමක් පැදකුණු කොට

දකුණු පසින් කුසතුළ වන්


දුටු සීනේ මේය කියා

පැවසූ රජුහට පසුදින //

බමුණන් ගෙන්වා රජතුම 

විමසූ දුටු සිහිනෙහි ගුණ


සැප නින්දේ මායා බිසව්

සැතපෙන කල මල් යහනේ

සුදට සුදේ ඇත් පැටවෙකු

නෙලුම් මලක් සොඬින් දරන්

තුන් රවුමක් පැදකුණු කොට

දකුණු පසින් කුසතුළ වන්


පින්වත් පුත් රුවනෙක ගුණ

පෙනේය මහරජ සුභපල //

පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත්

මායා කුස


පිළිසිඳුනා සිදුහත් බෝසත්..//// 



Previous Next

نموذج الاتصال