හැංගියං මගෙ පැංචියේ | Hengiyan Mage Penchiye - Nilakshi Helapitiya

අසනි වැස්සක් මුවා කරගෙන

සළු අපුල්ලන මංකඩේ

පල්ලෙවාහල නිළමෙ ඇවිදින්

හැංගියන් මගෙ පැංචියේ...


දිස්නෙ දුන්නත් කැකුළු රන් කඳ

හිරුට හොරැහින් ගොම්මනේ

තිසර පැටවියො වහං කෙරුමට

තහංචියි අපි අඩුකුලේ....


රදළ තුනුහිරු දවා හළු කළ

මගේ සුහුඹුල් සන්දියේ

වෙල්ල හැළියට කිළිටි පොදියක් 

එක් කළෙත් මේ ගංතොටේ.... 



Previous Next

نموذج الاتصال