Hithakin - Dilki Uresha | හිතකින්

නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ

නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ

වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ

මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ


යලි එන්න යැයි කියා - නොකරමි ආයාචනා

සැනසීම සොයපු තැනක ලැබුණි නම්


අතකින් අත ගිලිහෙන්න

ඇති මුත් එක නිමේෂයක්

හිතකින් අතහැරලන්න

මදිවෙයි මුළු ජීවිතයත්


නුඹව හඳුනන්න - මෙමට බැරි වෙන්න

ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න

දිනෙක රැවටෙන්න - වන බවක් නොදැන

ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න


වැරදි නැහැ දන්න - මගෙන් දුර යන්න

පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න

කල්පයක් පමණ - දවස දිගු වෙන්න

මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

Previous Next

نموذج الاتصال