Awasana Kathawak – Uzi Senadeera X Shavindya | අවසාන කතාවක්

විඩාවක් නිසා නිමා කර හීනේ

පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ

නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ

අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ


කාලකන්නි හීන අස්සෙ බිදුනු ආලෙ   තෙලිතුඩක ආයෙ  සිත්තම් කලා මන් 

කිදුරු කතාවෙ කුමාරිකාවක් නොපෙනෙන මානෙක තනිකලානම්

පසුතැවිලි මත්තෙම නැහුනත් කිම  වැඩක් නැ වෘත්තාන්තෙ මියැදිලානම්

වියැකිලා ගියපිනි බිදුවක දුක නොතේරෙන තරම් හිරු එලියක් වෙලා මන්


විස්වාසෙ මත්තෙ විනිවිද පෙන්නද්දි

පිස්සෙක්වගේ ආත්මය කෙලෙසද්දි

ප්‍රිස්මයක් වගේ හිත තුල ඇති සිතුවිලි 

එකි නෙක මට දොස් පවරාවී

වින්ද නින්ද ඇය විතරක් දනීවී

නින්දක් නොනිද රෑ පහන් කරාවී

කල දේවල් පසුවට හමුවේවි

දුන්න දුක් විදි ඈ යලි කවදත් නො ඒවී


ඈ හෙව්වෙ ආලෙමයි ලගින් බැදෙන්න  

මම මැව්වෙ කාමෙමයි හිතින් විදින්න 

කිව්වත් මොන දේවල් හිතින් විමසද්දි 

මුල් උනෙ ඇගෙ ජීවිතේ නසන්න


ගෙල සින්ද ආලෙ පදවැල් අමුනාවී

මල  කිම්ද සුවද නොදී පරවී යාවී

 හීන දකින්න කලින් නුඹ ඇහැරේවි

ප්‍රේම කියා විසක්  තුරුල් කරාවි


පලිගන්නත් නෙමේ දුර යන්නත් නෙමේ

හිතෙ සිතුවිලි වලට නෑ සීමාවක්

අංශු මාත්‍රයක ආශාවක් නිසා මේ හිතටත් ලොකු පීඩාවක්

අපි දෙන්න අතරෙ කාමෙ රේඛාවක් මට ඕන උනත් ආයෙ නුඹ නාවත්

ලස්සන උනත් ඒ රෝස මලේ කටු ඇනුනොතින් එන්නෙ රතු සීරාවක්


හමුවුනු තැන තනියෙන් මම තාම

මියදුනු හීන අස්සෙ හොයන්නෙ මම කාව

අවිශ්වාස කරනු කෙසේද ආස කෙනාව

අවසන් වචනෙන් ලියයි මේ හිතේ විඩාව


මේක කතා දෙකක් ලියාගන්න බැරි එක පිට්ටක

ඔයාගෙ කතාවෙ මම වෙලා එක ඉත්තෙක්ව

කදුලකින් නෙමෙ නවතින්න හිතුවෙ

මලෙයි නටුවෙයි පරතරේ දැක්කෙ මලින් ගිලිහෙත්ම


සමු ගැනිම් විරහවල් මැදීන්

තනි වී අල්ලගත්තත් හදින් තදීන්

ඇහි පිය වදින ක්ෂණයෙන් වෙනස් වෙයි හැගීම් තව දුරස් වෙයි බැදීම්

නොගැලපේවි ගැලපීම්


වතාවක් වතාවක් ගානෙමන් හදවතින් තවත් ඉල්ලුව සමාව

හිතයටින් ගිනි ඇවිලෙන්නෙ තාමත් නැත නිවෙන්නෙ දුක වැඩි නිසාම

මිලිනවී ගියපු  මලක සුවද හිත පුරාම

විදවීමක් හිත රිදවීමක් ඇත මතක පමනක් හිත තියාන


මතකයි මරන්නෙ මාව වැරද්දත් මගෙමයි තාම

තාමත් මෙ දැවෙයි මන් අපිම ඇවිලු ගින්නෙ චිතකෙ ගාව

හොයන්නෙත් නුඹමයි නාව දුකට වචන පෙරලුනාම

මම මගෙන් පලි ගන්න හිතයි වරදින්න තවත් ඉඩක් නැති නිසාම


විඩාවක් නිසා නිමා කර හීනේ

පද නොගැලපුනා ඒ ගලපගන්න හැදු ගීතේ

නෙතු සිනාසුනත් හිත හඩා වැලපේවි රෑ මේ

අවසාන කතාවයි මෙ හුස්ම වැටේ විරාවේ

Previous Next

نموذج الاتصال