Mage Kelle (මගෙ කෙල්ලේ) - Shenira Perera X Kaizer Kaiz

♪ Song Lyrics:

රතු පාටින් ආදරේ ලියාදී

ආශාවෙන් මා පැතූ මනාලී

මල් මිටක් දරා අත ඉඟිත් මරා ඇස

කොනින් බලා එනවා

මගෙ හිතත් පිරී හදවතත් ගැහී

සිහිනයක් දිගේ යනවා

මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ

සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ..//


♪ Rap:

Slow down කෙල්ලේ ඉදිරියෙන් වංගුවක්

ලෝභ නොවී මට දෙන්න හදවතෙන් පංගුවක්

ඉදලා හිටලා අපි වුනත් පොඩි රණ්ඩුවක්

අපේ ආලේ මෙල්ලයි ඕනේ වෙන්නේ නෑ නේ හෙණ්ඩුවක්


පුලුවන්නම් නුඹ සේප්පුවේ දානවා

අගුලු දෙක තුනක් දාලා ඒක වහනවා

එච්චරට මන් ලෝභයි

ඔයත් එක්ක කතා කරන්න දේවල් හිතේ බෝමයි


පිලිකන්නේ තිබ්බ ආලේ දැන් නම් සාලේ

ඇස් පියා ගන්න ඔයාට දානකන් මුතු මාලේ 

මේ රථේ ඔයා නවත ගත්‍තා නුබේ ගාලේ

සත්තයි ආයේ මම යන්නේ නෑ අයාලේ


හිරි වැටුනූ සීත වූ දෙතොල් පුරා කිමිදීලා

සිරි යහනේ ප්‍රේම සටනේ ආදරෙන් වෙලීලා

හදවතින් ගලා එන පෙමින් පුරෝගෙන

දෑස් අගින් බලලා

ආදරෙයි කියන්නට මමත් බලා ඉමි

සැරින් සැරේ ඔබ හා

මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ

සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ..//

Previous Next

نموذج الاتصال