Sankari (සංකාරී) - SANTHUR X Kaizer Kaiz

හිතට හරි නෑ සංකාරී 

ගොම්මනෙ නටමුද කංකාරී 

ඔමරි පානා මනමාලී

මල්වර නැකතට හිත ඕනී 


ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං

නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං


හිතට හරි නෑ සංකාරී 

ගොම්මනෙ නටමුද කංකාරී 

ඔමරි පානා මනමාලී

මල්වර නැකතට හිත ඕනී


ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං

නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං


නෑ ගම් එනකොට මාමගෙ සැරවැර ගානට අඩුවේවී 

රාටික තොලකට ගෑවෙන ජාමෙට මාමත් බහදේවී 

ඔන්න මාගේ ආලේ පාලා නාඹර රූපේ කෝලකලා

ඉන්න මාගේ හීනේ වීලා ජීවිතකාලේ  ලඟට වෙලා


සිරිය ගේනා හැඩකාරී

ඔච්චම් පාමුද මනහාරී

දපනෙ දා මා මනමත් වී 

මා ගත රෑ මැද සැනසේවී 


ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං

නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං


අනෙ අනේ පෑගූනා වගේ කඩි ගුලක්

උඹත් එක්ක නටන්න ආසයි වරු තුනක්

හැබැයි මම ඉඳ හිට කෙලියොත් නම් හොඳ බුලක්

දාලා යන්න නම් හිතන්නවත් එපා දිලා මට දුකක්


උඹ රූන් පෙත්ත වගේ කැරකිලා

පාටීයම  ටියුන් වෙලා ගියා  ඇඹරිලා 

ඉතින් චූන් එකේ උඹත් එක්ක සැනසිලා

යන එක තමයි අරමුණ මට වැලලිලා


දැන් නම් වදින්නේ නෑ වගේ තිරිංග

දැන් මුලු ඇඟේම ලව් feelinga

මහ මෙරක් වටින මගෙ පණ ඩිංග

උඹ ගියොත් හුස්ම ටික නවතීද


හිතට හරි නෑ සංකාරී 

ගොම්මනෙ නටමුද කංකාරී 

ඔමරි පානා මනමාලි 

මල්වර නැකතට හිත ඕනී 


පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං

නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං


හිතට හරි නෑ සංකාරී 

ගොම්මනෙ නටමුද කංකාරී 

ඔමරි පානා මනමාලි 

මල්වර නැකතට හිත ඕනී


ඔය පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං

නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං


Previous Next

نموذج الاتصال