ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ
නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ
සිනහා මුවින් ඇරයුම් කලා
දුර යන්න සන්සාරයේ
කඳුල ඉතින් දැන් නවතින්
ඇය හා මා බැඳුනාවේ
ඈත ඉසව්වේ
කවුදැයි අතවැනුවේ
හීන මැවෙන්නේ කිසිදා උරුම නොවේ
කාලේ ගෙවෙන්නේ
සිහිවෙයි දෑස නුඹේ
නුඹත් ගියා මා හැරදා
පියඹන්න ආකාසයේ
හීන දවා ඈත ගියා
මතකයි අද වාගේ
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ