ගනංකාරී | Ganankari - Gayan Gunawardana X Rapzilla

මා ළඟ ඉඟිත් පා

යාවිද ඈ ගස්සා

රූබර හිතැත්තී ඔයා


ආතුර හදත් මා

ආයෙම තිගස්සා

නාඹර දිගැස්සියේ මා


හීන දිගේ ඇවිත් ඔයා

ආයේ නුරා ලොවක් පා

කෝල හිතත් කොනිත්තලා මා


දේහිණියේ දිව්‍යාංගනා

මා හද මත් කරන්නා

ඇයිද ඉතින් නුරුස්සලා මා


ගනංකාරී භාරී

හදේ මගේ වැදී වැදී

යා වී මා දවාලා//


මොකද ගණං රත්තරංද ඔයාගේ පනං

ඩිකිය ඩිකිය වනං යද්දි කොට වෙනවනේ සරං

යන්න එපා පාළුයි හිතට වෙමුකෝ අපි දෙන්නා යාලු

වනලා සාලු උඹට කවනම් මං ආන මාළු කෙල්ලේ

කියන්නද මම බඩ්ඩක් මගේ හදවත දැන් ලබ්ඩබ්

පාද සලඹෙ හඬ දෙ චක් චක්

අපි කරමුද චැට් whatsapp

නෙතඟින් නෙතඟින් හොරැහින් බලන්

ඉන්න බෑ ඉන්න බෑ හිතට දරං

යන්නෙම උඩින්මයි මේකිගේ ගණං

කියපන්කො උඹ පාස්ද ගණං

Previous Next

نموذج الاتصال