මල්සරා | Malsara - Chamara Ranawaka

මල් පිපිලා මද සුලගේ

වැනෙනවා හැටි දැක්කා

මල් පිපුන හැටි දැක්කේ නෑ


සමනලයෝ සමනැලියෝ

පියබනවා හැටි දැක්කා

උන් හැදුන හැටි දැක්කේ නෑ


මල්සරා විදිනවා

හැමදෙනා කීවාට

ඌ තාම මට විද්දේ නෑ


කොයි තරම් මං උබට

ආදරේ කීවාට

උබ ඒක තව දන්නේ නෑ


හම්බත් කලා මං විසික් කලා

බැරි කම හොදින් දන්නවා

සල්ලී අයිස් කැට

කෙල්ලෝ සබන් පෙණම

දැන දැනම මං හිතනවා


ජීවිතයෙ ටික කාලේ

ගොඩ යන්න මට ඕනේ

ගේමක් මමත් ගහනවා

දැන ගන්න උබ ඕනේ

ඇයී මෙහෙම මට වෙන්නේ

උබ තාම රගපානවා


දැන ගෙනයී මම හිටියේ

අඩූවෙන්… වියදම් කෙරුවේ

ඒ හින්දා දුක නෑ හිතේ

මළ ගිය කෙනෙක් එහෙම

බලනවා ඇති මාව

මම නැනේ වශියක් කලේ


බිව්වාට හැමදාම

කෙල්ලන්ගේ රචනාව

මම නෑනේ පාඩම් කලේ

ඇත්තටම උබ කව්ද

අම්මත් මගේ මාව

තනිකරලා නුවරට ගියේ


මල් පිපිලා මද සුලගේ…


සමනලයෝ සමනැලියෝ…


මල්සරා විදිනවා…


කොයි තරම් මං උබට…

Previous Next

نموذج الاتصال