රකීමා | Rakeema - Bhashi Devanga

පෙර වගේ නොවෙන්නම් මං කියා

යලි මගෙ රංගනාවී වෙලා

තරු කඩා හැලෙන්නත් හෝරා තිබුනා

ගොඩ දුරක් යන්න හිතුනා එදා

පෙම් කවක් ලියන් මතකේ තියා

මිරිගුවක් වුනේ ඇයි ඈ හා විදපූ

එදා රෑ සාදෙන් නිම්න වූයේ

නිකමට ඒ දුන් ඉගි දුකක් වී

කතරක පෑරෙයි හිත ගැටී යන්

මගේ මෙන්


රකීමා… නුබ නම්

දෙහදක් පෑ රූ හැටි නම්

පිටපත් නෑ හදින් ප්‍රේමෙන්

බොරුවට ඇයී හඩා වැලපුම්

රකීමා නෑ සමා අයදුම්

මන් මනසේ වේදනා හන්ගන්

නුබ ගියා දැන්

නුබ රුව මැකී යන්


රෑ අහසේ සරා සිහින මන්දිර වල සුව විදිද්දී

තව නොහඩා කියාපන් කිමද මා අතින් මුලපෑ

රිදුම් දෙන වාරේ තනියෙන් කියාකාරී නෑනේ

ගිය දීගගේ කාරණාවේ

මං ආදරෙයි මං ආදරෙයි

ඒ ආදරේ කලේ සැනසෙන්නයි මං පාඩුවේ

නවතින්න නෙවෙයි ජීවිතේ

ඉවසා ඉන්න තිබුනා

ඒ අතීතේ


රකීමා… නුබ නම්…

Previous Next

نموذج الاتصال