හැන්දෑවක | Handawaka - Malith, Yasas, Raveen & Piyath

හැන්දෑවන් ගෙවුනාවේ 

නුඹගේ ඇස් මානේ

රහසේම මිමිනේ සෙනෙහේ

ආශාවන් මැවුනාවේ 

පහසේ ආදරයේ.

තුරුලේම විඳිමී සුවසේ

හදවත මම පා… කලා

නුඹේ දිහා බලා හිඳින් කියා

වලාකුලේ ලියා දෙමී

සිනා ගෙතූ කතා

හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ 

ආදරයක  බැඳිලා හැඟුමන් පාවේ

ඒ ආදරයයි අප හඳුනාගන්නේ

හැමදාකම මේ වාගේ හමුවන්නේ

කුළුඳුල් ආකාසේ 

පෑයූ තරු රෑනේ 

නොනිදා ඉන්න මේ රෑ පුරා

තනිකම් මැකුනාවේ

මේ පාරාදීසේ 

ඇසුනා හීන ගෙත්තම් වෙලා

තරු යායේ සැඟවීලා හමුවේ…ද අපි ආයේ 

හද ගැස්මේ නැවතීලා ඇරඹේ…ද මේ වාගේ 

පෙම් වැස්සක් වැස්සා සිතේ ගිම්  නිවී

නුඹගේ මගේ 

Previous Next

نموذج الاتصال