කවුරුත් ලොකු නෑ | Kauruth Loku Na - Gayya

තිබ්‍බට පොඩි job එකක්

පැද්දට පොඩි වන්ඩියක්

වැව්‍වට රැවුලත් ටිකක්

කොටලා තිබ්‍බට පච්‍චයක්

බිව්‍වට සිගරට්‍ එකක්

දැම්‍මට පොඩි shot එකක්

කරදර නෑ කාටවත්

කොල්ලා සුපිරි බුලට්‍ එකක්

හැමදාම ඉන්නේ මං හිනාවෙලා

මගේ පාඩුවේ‍ සිංදුවක් කියා

නැහැ කාටවත් වලක් කපා

උඩ දෙයියෝ දන්නවා

බැඳලත් නෑ දරුවොත් නෑ

ඉන්නවදැයි කියලා ෂුවරුත් නෑ

තරහත් නෑ යාළුත් නෑ 

අද හිටියත් සමහරු හෙට ළඟ නෑ

දුප්පත් නෑ පොහොසත් නෑ

අම්‍මට හැර මම කාටත් ණය නෑ

නැති බැරිකම්‍ තිබුනට මොකෙකුටවත් පච වෙන්නෑ

මට කවුරුත් ලොකු නෑ…නෑ නෑ නෑ නෑ

මට කවුරුත් ලොකු නෑ

ඉස්කෝලේ පංතියේ

පිස්සුමයි තනිකර කෙලියේ

උපාධිය මට හම්‍බුනේ

කරක් ගහලයි සමාජේ

හිටපු උන් යාළුවෝ වගේ

උං නයි නේ බැලුවම කකුල් දෙකේ

වැරදුනා නෑ පැරදුනේ

කොල්ලා ගේම ගහනවා අන්තිමේ‍

හැමදාම ඉන්නේ මං හිනාවෙලා

මගේ පාඩුවේ‍ සිංදුවක් කියා

නැහැ කාටවත් වලක් කපා

උඩ දෙයියෝ දන්නවා

බැඳලත් නෑ දරුවොත් නෑ

ඉන්නවදැයි කියලා ෂුවරුත් නෑ

තරහත් නෑ යාළුත් නෑ 

අද හිටියත් සමහරු හෙට ළඟ නෑ

දුප්පත් නෑ පොහොසත් නෑ

අම්‍මට හැර මම කාටත් ණය නෑ

නැති බැරිකම්‍ තිබුනට මොකෙකුටවත් පච වෙන්නෑ

මට කවුරුත් ලොකු නෑ…නෑ නෑ නෑ නෑ

මට කවුරුත් ලොකු නෑ

Previous Next

نموذج الاتصال