මට ආයේ ඕනා | Mata Aye Ona - Raveen Tharuka

මුදා ඊයේ වූ සෑමදේ

හදා ආයේ මේ ආදරේ

එදා වාගේ මාගේ අතේ

වෙලී එනවාදෝ

ඉඩෝකාලේ හීනේක සේ

ගෙවී යාවී ස්නේහේ දියේ

සිනා වාරේ ආයේම ඒ

වෙලී එනවාදෝ

මේ තුන්‍ යාමේ හෘදේ මා සසලෝනා

මා සන්තානේ දෑතේ ගෑවීලා

මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා

මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා

මට ආයෙ ඕනා

නුඹ ගාව ඉන්නෝනා

කාලේ තැවුල් ප්‍රේමේ නමින්

ආයේ නොවේ කියා

මට ආයෙ නුඹ ඕනා

නුඹ ගාව ඉන්නෝනා

සැතපී ළඟින් සුසුමේ දුරින් 

දෑසේ පියන් පියා

සේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රා

ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්‍රා

වේලිලා යාවී කඳුළින් පිරූ නේත්‍රා

ආයෙ පාවේවී හිතේ දියඹේ සිනා යාත්‍රා

මගෙ හදවතේවේදනා මකානුඹගෙ ළමැදේ මා නිදනවා ආලෙන් නිවාරලා

Previous Next

نموذج الاتصال