මොළෙන් ගහලා බේරගනින්
යටින් ගහන ගේම
නැති බැරි එකාටමයි ගැහුවේ
හැමදාම...
කොයි කවුරුත් බැලුවේ නැති බැරි එකාට යටින් දෙන්න ගේම
මොළෙන් ගහලමයි බේර ගත්තෙ අපි යාන්තමට ජාම
සැපේට නැතුවට දුකේදි මගෙ නං කෙළින් වෙනවා රෝම
කොහෙන් බේරුනත් කර්මෙන් ලැබෙනවා බඩ පුරාම කෑම
වලට යන්න ආදා වීසා
හැරී එන්න බෑනේ
කරපු කර්ම දෙනවා දෝසා
මරුවා එක්ක වාසේ
පාට කරපු කේසා ලෝමා
හැලිලා යනවා රහසේ
ලෝක දහම තෝරා බේරා
සැපක් ගනිමු ලෝකේ
උඩින් ඉගිලෙද්දී තමයි පේන්නෙ කන කොක් සුදු පාට
දවල්ට නව ගුණ වැලේ තපස් රැක ලැබුවෙ කොමිස් පිහිට
මල් වට්ටි අතින් ගෙන යටින් කරන්නෙම වෙළඳාමයි කූට
කරපු කියපු දේ පටිසන් දෙනවා නිව්ස් බලමු රෑට
වලට යන්න ආදා වීසා
හැරී එන්න බෑනේ
කරපු කර්ම දෙනවා දෝසා
මරුවා එක්ක වාසේ
පාට කරපු කේසා ලෝමා
හැලිලා යනවා රහසේ
ලෝක දහම තෝරා බේරා
සැපක් ගනිමු ලෝකේ
ඇති හැකි කාලේ වටවෙලා කැඩුවට විස්කි බ්‍රෑන්ඩි මූඩි
නැති බැරි කාලෙට වටහා ගත හැක වටේ උන්ගෙ නාඩී
හදවත උණු වෙන දුකේදි ඇති උන් එක්ක ගහමු වාඩී
හුස්ම යද්දි අපෙ වල කැපුවේ නං ගහන එවුන් බීඩී
වලට යන්න ආදා වීසා
හැරී එන්න බෑනේ
කරපු කර්ම දෙනවා දෝසා
මරුවා එක්ක වාසේ
පාට කරපු කේසා ලෝමා
හැලිලා යනවා රහසේ
ලෝක දහම තෝරා බේරා
සැපක් ගනිමු ලෝකේ