ඉනවට අත බැද ලංකර ගන්නම්
නුඹ ලග මගෙ හිත සංකර මදිනම්
තුරුලට ගෙන සිප ගන්නද අද මං
ආදරියේ
මනසට කරදර ගෙනදෙයි නුඹ නම්
ඉවසන් ඉදි මගේ චංචල හැගුමන්
රහසෙම නුඹ අරගෙන ගිය දුර
අමතක වෙන්නෑ ආදරියේ
ප්‍රේමනීය හිත් අහසේ
මා නුඹේ නමයි ලිව්වේ
ආදරේට නේද අපි මැවුනේ
පාලු හීනයක් ගානේ
මා සදේ නුඹයි වින්දේ
ජීවිතේට ඒවි අරවින්දේ
සුරංගනා කුමාරිකා
ඇහැක් ගසන් රහස් කියා
මටත් හොරා සිතත් හොරා
අරං ගියා හිත හීන විමානෙන්…//
ගින්දර මැද හත් වට කැරකෙන්නම්
තැල්ලම කරවට නුඹේ පලදන්නම්
මන් මද බිසවුන් සේ රැක ගන්නම්
ආදරියේ
ටජ්මහලට නුබ අරගෙන යන්නම්
නර්තන මන්ඩපයේ නටවන්නම්
තොල් පෙති මට ඉඩකඩ සැකසෙයි නම්
සිපගන්නම් සුන්දරියේ
ප්‍රේමනීය හිත් අහසේ…
පාලු හීනයක් ගානේ…
සුරංගනා කුමාරිකා….//