ඔබෙන් තොර ලොවක් - Oben Thora Lowak | Mihindu Ariyaratne

පියා නෙතු පියන්
තිබූ අවසරෙන්
රුවක් ඇදෙනවා
යලි යලිත්

මිලානව ගිහින්
තිබූ මතකයන්
කොහේදෝ ඉදන් ‍යලි ඇවිත්

නවාතැන්පොලක් සොයා ගිය
විඩා වැටී තනිවූ හදවතක්
සිනා සෙන්න බෑ අදත්
හඩා වැටුනු හැටි
මතකේ තවත්
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

බිතු සිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට
පැතුවා සේ
කවදාහෝ ආයේ
හමිවේදෝ නෑ මා දන්නේ

ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්
Previous Next

نموذج الاتصال