ඔබේ සැළමුතු ආදරේ - Obe Salamuthu Adaraya | Ruwan Hettiarachchi

ඔබේ  සැළමුතු ආදරේ 

කිසිම දවසක ජීවිතේ 
නොලද හින්දයි ආදරේ 
මේ තරම්
මේ තරම් මට අගේ 
ඔබේ  සැළමුතු ආදරේ

ගඟක් නොව දිය පොදක් සෑහේ 
පිපාසිතයෙකු පවස හමුවේ 
ගඟක් නොව සමුදුරක් තරමට 
සෙනේ දියකඳ ඔබෙන් ලැබුවේ 

ඔබේ  සැළමුතු ආදරේ 

තෙරක් නොපෙනෙන තරම් වූවත් 
සමුදුරේ දිය පලක් නොමවේ 
ඒ නිසා වැහි දිය පොදක් ඇති 
ඔබෙනි යළි ජීවිතය දුටුවේ

ඔබේ  සැළමුතු ආදරේ 

කිසිම දවසක ජීවිතේ 
නොලද හින්දයි ආදරේ 
මේ තරම් 
මේ තරම් මට අගේ 
ඔබේ   සැළමුතු ආදරේ 

Previous Next

نموذج الاتصال