ආයුබෝ වේවා...///
දෘථරාෂ්ට, විරූඪ, විරුපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දේව රාජ උත්ථමයෝ ද
අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය සියළු දෙවියෝ ද සුදු ඇත් වාහනාරූඪ ව සමන්ත කුඨ පර්වථය ට ශ්‍රී පාද පද්මය ට එල්ලක්කල ට දිවා ගුහාව ට බෑණ සමණලය ට දිවැස් කරුණාකර බලා වැඩ වදාරන්නා වූ සබරගමුව ට අධිගෘහිත වූ සබරගමුව කරවන මහ සමන් රජ්ජුරුවෝ ද මෙම කුළය තැනවූ බව ට සාක්ෂි ය, සාක්ෂි ය, සාක්ෂි ය...
පනම් පහ දි මං පන දෙන්නම්
සත්තයි මයෙ දෙයියෝ
වාගම් සෝලි තහංචිය වාවන්නම්
කුදලන් පලයන් මයෙ දෙයියෝ
තොවිල් තහංචිය කඩුල්ල වහලා
දියමංකඩ ගොක් බැඳලා
ගම්බාර යකා වාගේ
බණ්ඩාර හාංදුරුවො කිපිලා
කුදලන් පලයන් උඹෙ ඩිංගිරි අප්පෝ
වරිග සම්මුතිය කම්මුතු කරලා
ඉනෙන් උඩ ට ඇඳි සළු පට උනලා
මහවාඩියේ කණ අත්සන තියලා
තිස්ඹේ දි උඹෙ පපුවට පැනලා
වලව්වේ මූනත්තාඩුවෙ දැලි ගාලා
වරිගෙන් එනවා මං දෙයියෝ
කුදල පලයං
කුදලාං පලයං
මං දෙයියෝ
මයෙ දෙයියෝ
