දියමල | Diyamala - Jinna Praveen Ft Bilesha Vijerathna

නින්ද රැගෙන නුබ වඩින්න – ඇසිපිය පාමුල රැදෙන්න

නින්ද කොහිද සොයා දෙන්න – නුබට පමණී හැකි කරන්න

නුබේ තොල් පෙති මත තියන්න – රැකං උන්නූ හාදූ මෙන්න

මහරෑ මගේ නිදි බිදගෙන – නුබ හොයනවා ඉකි ගසාන


නුබ නැති දවස් පාලුයි අමූ සොහොන් වගේ

නුබ නැති හවස් කිරිනැති බිලිදෙකූ වාගේ

නුබ නැති වස් මිරිඟුත් නැති සයුර වගේ

නුබ එනවාද මගේ තුරුලට සොඳුර මගේ


ඉපල් හිදල් දලූ දමාවී – මොරගස් වට මල් පිපේවී

නුබ දකින්න බඹරූ ඒවී – නුබ ආලය අරන් ඒවී


ඇසේ කැල්ම මගේ ඇස් මත වැටීයන්

නුබේ හුස්ම මගේ මුහුණේ වැදීයන්

සුවඳ නුබේ මා අසලම රැදීයන්

නුබ මට විදින්නට වරමක් ලැබීයන්


බලා හිදිමි නුබ එනතුරූ – තබා ඉදිමී හාදු පොකුරූ

නුබ එනවද ඉතින් සොඳුරූ – හාදු දේවී මම නිරතුරූ


එක්ටැම් ගෙයක සිරකල සීතා වාගේ

එන්නට හැකිය නුබ රිසි නම් යක්ක වගේ

එනමුත් ඇවිත් යනූ රිසී නෑ ඒ වාගේ

එහෙයින් නොයෙමි මුත් නුබ ගෙන යමි මාගේ


දහසක් යකුන් ආවත් මට කම් නෑය

තිස් තුන් කෝටියක් දෙවියන් පල නෑය

හැකිනම් දකින්නට ආවොත් මේ නදිය

කතරක උනත් නහුතෙක දුර මම ඒය


නුබ ආවොත් තොල් මත තොල් රැදෙවී

මම පේවී නුබේ ලැම කදු උරාවී

නැඹ පාමුල නිම්නේ සැරිසරාවී

මගේ තොල් නුබේ දියමල මත රැදෙවී

මගේ තොල් නුබේ දියමල මත රැදෙවී

මගේ තොල් නුබේ දියමල මත රැදෙවී



Previous Next

نموذج الاتصال