කියනු බැරි දේ | Kiyanu Bari De - Prasad K Ranasinghe

කියනු බැරි දේ ලියනු හැකිවෙද

හදේ ස්වරයම නුඹ වුනී

තවම පුදුමයි නුඹේ පියවර

මගෙන් දුරකට තිවු හැටී


බොහොමයක් ඇත 

නුඹේ මතකය

අලුත් කර කර ලිව් කවී

මමත් නොදනී නැතිව තනුවක්

කෙලෙස මේ පද ලියවුනී


අරුමයක් ඇත 

කෙසේ හදවත

මෙතෙක් ගැහි ගැහි තිබු හැටී

නුඹත් නොදනී එකම රහසක්

මටත් මා දැන් හිමි නැතී



Previous Next

نموذج الاتصال