නේරංජනා | Neranjana - Shana

 ජීවන ගමනමේ සංසාරේ

එකටම ඉමු කිව්ව මම අද මහපාරේ

පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ

මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ


කටපුරා හිනා උනොත් දුක අතළඟ

බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ 

පැවසූදේ  හසරැලි දඟකරා නෙතළඟ

ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ


උදේ උදේ උදේ... දැක්කොත් කැඳත්නෑ ඒත් good morning 

මට එපා වෙලා love නම් දැං full boring 

ඊයෙ මලක් ගහල යාලු මට තද feeling 

මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී


හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි

භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි

උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි

උඹ අඹරල මට දීපු දුක පට්ටයි


මම මාගම්පුර මනමාලයා දොම්පේ 

ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ  

කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ 

උඹ කූඩැල්ලෙක් බං කවදාවත්  තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ...


මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ

පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ     බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන්  සුදූ  මංදන්නේනෑ

කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ  බං ආලේ


අත අල්ලාගෙන ගියපු   | සුදු දෝනි

පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ  | අනෙ උඹෙ පානී

පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි 

ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි 


රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච

උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච

ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට

ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.......//


හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම

ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම

පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද 

මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද


Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක

දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු  කෘන්තක

සුදු උඹ නේරංජනා ගානක් නෑ මම  කන්තක 

කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක


වරදින්න ඕනෙ දවසක හරියන්න

මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න

ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න 

ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න.............


සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ

දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ, 

කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ

ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ


මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී

තාම අර ඇලගාව පොඩි ගහේ         දංඇති

එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං     දැංඇති

දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින්


මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ

පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ     බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන්  සුදූ  මංදන්නේනෑ

කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ  බං ආලේ


අත අල්ලාගෙන ගියපු   | සුදු දෝනි

පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ  | අනෙ උඹෙ පානී

පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි 

ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි 


රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච

උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච

ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට

ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට....//



Previous Next

نموذج الاتصال