කහමල් ඉත්තක් දවටා ඔය සියුමැලි වතේ
තනිකර දා යන්න ගියේ ඇයි දුප්පත් පැලේ
තුරුල් කරන් නලවද්දී හැමදාකම රැයේ
උණුහුම මදි උනාවත්ද නුබෙ අම්මගෙ ලයේ
හීන පුරන මුත් දැකුමට ඔය රූපය හිතේ
පේන නෙත් දෙකත් අඳුරුයි හඬලා මහ රැයේ
ශීල පුරන්නට වැඩි දා සිට මහ පන්සලේ
හීල බත් කටක්වත් මන් වැළඳුවෙ නෑ පුතේ
පිය සෙනෙහස අහිමි උනත් දරු සෙනෙහෙන් රැකී
නුබෙ අම්මත් දුක් ඉහිලුව මහ මායාවකී
මතු සසරේ ඉපදුනොතින් කොහෙ හෝ තැනකදී
මගේ කුසේ ඉපදෙන එක පාරමිතාවකී