Kahamal Iththak - Nuwandika Senarathna



කහමල් ඉත්තක් දවටා ඔය සියුමැලි වතේ

තනිකර දා යන්න ගියේ ඇයි දුප්පත් පැලේ

තුරුල් කරන් නලවද්දී හැමදාකම රැයේ

උණුහුම මදි උනාවත්ද නුබෙ අම්මගෙ ලයේ


හීන පුරන මුත් දැකුමට ඔය රූපය හිතේ

පේන නෙත් දෙකත් අඳුරුයි හඬලා මහ රැයේ

ශීල පුරන්නට වැඩි දා සිට මහ පන්සලේ 

හීල බත් කටක්වත් මන් වැළඳුවෙ නෑ පුතේ


පිය සෙනෙහස අහිමි උනත් දරු සෙනෙහෙන් රැකී

නුබෙ අම්මත් දුක් ඉහිලුව මහ මායාවකී

මතු සසරේ ඉපදුනොතින් කොහෙ හෝ තැනකදී

මගේ කුසේ ඉපදෙන එක පාරමිතාවකී

Previous Next

نموذج الاتصال